වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පසුගිය ජනවාරි මස 16 වනදා වෙරළබඩ පොලිස් බලප්‍රදේශයේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන සිදු කරනු ලැබූ බවයි.
ඒ අනුව විමර්ශන සිදු කළ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අ නුව ඉහත අපරාධයේ වෙඩික්කරුවෙකු ඊයේ(09) උඩවලව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 25ක් වන කොළඹගෙආර, උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු- ලෙස ක්‍රියා කළ එක් සැකකරුවෙක් මාර්තු මස 03 වන දින කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණා.
කොලඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













