ජාතික පොලිස් කොමිසමේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.
ඊයේ දිනයේදී පැවති මෙම සාකච්ඡාවට පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයින් එක්ව ඇති බව සදහන්.
මෙහිදි පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුවීම් සහ සේවකයින්ගේ හිඟය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබෙනවා.
පසුගියදා පැවති ජනහමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොලිස් කොමිසම සම්බන්ධයෙන් අදහස් පළ කළ පසුබිමකයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.