නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ (NIIBS) සිව්වැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගිය වනදා 08 අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම උපාධි ප්‍රධානෝත්වයේ දී උපාධි අපේක්ෂකයින් 97 දෙනෙකු වෙත උපාධි පිරිනමන ලදී. දර්ශන ශූරී උපාධිධාරීන් 10ක්, ශාස්ත්‍රපති උපාධිධාරීන් 48ක්, සහ ප්‍රථම උපාධිධාරීන් 39 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස අතර විදේශීය සිසුන් 6 දෙනෙක් ද වූහ.
මෙම උත්සවයේ උපාධි දේශනය ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් විසින් සිදුකරන ලද අතර , ජපානය, චීනය, තායිලන්තය, වියට්නාමය සහ පකිස්තානය නියෝජනය කරමින් දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
උණුසුම් පුවත්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්
- තුර්කියේ භූකම්පනයක්
- රාජ්‍ය සේවයේ වැටුප් ඉහලට













