ජපානයේ බටහිර වෙරළ තීරයේ ප්රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එහි ප්රබලත්වය රික්ටර් මාපක 7.6 ක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මේ හේතුවෙන් ජපානයේ ඉශිකාවා, නිගාටා සහ ටොයාමා යන පළාත්වලට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.
මීටර් 5 ක් පමණ උසැති සුනාමිය ඉශිකාවා ප්රාන්තයේ නෝටෝ වෙත ළඟා වනු ඇති බවටයි එරට කාලගුණික අංශ අනතුරු අගවා ඇත්තේ.