ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් මහත්මිය හමු වී තිබෙනවා.
ඒ ඊයේ පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි.
ගෝලීය නව ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර දෙරටෙහි ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ වූ දීර්ඝ ඉතිහාසය සහිපත් කළ ජනාධිපතිවරයා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වැනි වෘත්තීය පුහුණු ආයතන වෙනුවෙන් සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජර්මනිය දැක් වූ දායකත්වය පිළිබඳ සිය කෘතඥතාව පළ කර ඇති බවයි වාර්තා වුනේ.
එම දායකත්වය හා උනන්දුව අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සලසන තත්ත්වයක් කරා වර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා කෙරුණා.