ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝර්බාක් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව නාධිපති කාර්යාලයේදී සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. නෙදර්ලන්තය සතුව මේ වන විට පවතින ශ්‍රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත මෙරටට ලබා දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්. මේ අනුව දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එය වැදගත් අවස්ථාවක් වනු ඇති බව ද නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය එහිදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. යටත් විජිත ලෙස පැවති රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට යටත් විජිත කෞතුක භාණ්ඩ ඒවායේ මුල් රටවල් වෙත නැවත භාර දිය යුතුය යන ප්‍රතිපත්තිමය තීරණයට නෙදර්ලන්ත රජය එළැඹ තිබෙනවා.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
- හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
- හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
- අද දවසේ කාලගුණ තත්ත්වය













