2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා .
ඉන් පැමිණිලි 28ක් ප්රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා .
මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් දැකිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්. ඒ. එල් රත්නායක මහතා පවසා සිටියා .
එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව පොලිසිය වෙත පැමිණිලි 350ක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ද ප්‍රකාශ කළේ.