නිල සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොස් තිබෙනවා.
එහිදී මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළි ගනු ලැබුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාලදිවයිනේ අගනුවර වන මාලේහි ජනරජ චතුරශ්‍රයේදී පැවැත්වෙනවා.
ජනාධිපතිවරයා සමඟ මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටිනවා.