2024 ජනාධිපතිවරණයට මේ දක්වා අපේක්ෂකයන් සිව් දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා .
ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු ද ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ සහ සරත් කීර්තිරත්න යන මහත්වරුන් මෙලෙස මුදල් ගෙවා ඇති බව සඳහන්.
එමෙන්ම සමාජ ක්රියාකාරි ඔෂල හේරත් මහතා අභිනව නිවහල් පෙරමුණ යටතේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින්, ඒ.එස්.පී ලියනගේ මහතා ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.