ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ම දිනය අදට යෙදී තිබෙනවා.
1968 නොවැම්බර් 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා මේ වන විට 57 වියෙහි පසුවනවා.
තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටි ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක මහතා 1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබෙනවා.
1987 වසරේ සිට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු බවට පත් වු ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මෙරට වාමාංශික දේශපාලනයේ පෙරමුණ ගෙන කටයුතු කළා.
2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලැබුවා.
පසුගිය සැප්තැම්බර් මස 21 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් මෙරට ජනාධිපතිවරයා බවට තේරී පත් වූ ඔහු මෙරට 09 වන විධායක ජනාධිපතිවරයායි.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











