පාර්ලිමේන්තුව අදත් පෙරවරු 9.30ට ආරම්භ වුනා.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්
පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය පාර්ලිමේන්තු කටයුතු සඳහාත් පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබුණා.
අනතුරුව විනිමය පත්‍ර පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම විවාදයකින් තොරව සම්මත කිරීම සිදු කරනු ලැබුවා.
එමෙන්ම ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව “රටේ වර්තමාන ආර්ථිකය” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය අද පස්වරුවේ පැවැත්වුණා .
එමෙන්ම ජනාධිපතිවරයාද අද පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක්ද සිදු කළා .