විදුලිබල සහ ඛනිජ තෙල් සැපයුම තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (03) මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.
එහිදී විදුලිය සැපයීම මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.