Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චෙම්මනි සමූහ මිනිවලෙන් මිනිස් සිරුරු 90 කට අදාළ අස්ථි කොටස් මතුකර ගනියි

    චෙම්මනි සමූහ මිනිවලෙන් මිනිස් සිරුරු 90 කට අදාළ අස්ථි කොටස් මතුකර ගනියි

    මාධව කුලසූරිය - වවුනියාව
    2025-07-26කියවීමට මිනිත්තු 3ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ සිව්වන අදියර පස්වන දින කැනීම් තුළින් ඊයෙ ්(25) තවත් මිනිස් සිරුරු දෙකකට අදාළ අස්ථි කොටස් මතුකරගත් බව කැනීම් නිළධාරීන් පවසනවා.

    කැනීම් නිළධාරීන් පැවසූවේ සමූහ මිනිවළ කැනීම් තුළින් මේ වන විට මිනිස් සිරුරු 90 කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන ඇති අතර, මිනිස් සිරුරු 81 කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බවයි.

    යාපනය පොලිසිය වෙත පැවරී තිබූ පරීක්ෂණ කටයුතු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකරමින් පවතියි.

    කැනීම් නිළධාරීන් පැවසූවේ සමූහ මිනිවළ තුළ සිව්වන අදියර කැනීම් කටයුතු දින 15 ක් සිදුකිරීමට නියමිත බවයි.

    සමූහ මිනිවළ සිවවන අදියර කැනීම් අගෝස්තු 04 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

    යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ සිව්වන අදියර කැනීම් කටයුතු සිදුකරනු ලබයි.

    යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කැනීම් ස්ථානයේ කැනීම් කටයුතු තෙවැනි අදියර ජුනි 26 වැනිදා සිට ජුලි 10 වැනිදා දක්වා දින 15 ක් පැවැත්වුණා.

    උතුරු පළාතෙන් හමුවු දෙවැනි විශාලතම සමූහ මිනිවළ.

    උතුරු පළාතෙන් මේ දක්වා සමූහ මිනිවළවල් කිහිපයක කැනීම් කටයුතු සිදුකොට තිබෙන අතර, අදාළ සමූහ මිනිවළවල් තුළින් හමු වු අස්ථි කොටස් සම්බන්ධ විමසීමේදී චෙම්මනි සමූහ මිනිවළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 90 කට අදාළ අස්ථි කොටස් මතුවීම හරහා චෙම්මනි සමූහ මිනිවළ උතුරු පළාතෙන් හමුවු දෙවැනි විශාලතම සමූහ මිනිවළ ලෙසට නිරීක්ෂණය වනවා.

    මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ හමුවු සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 342 කට අදාළ අස්ථි කොටස් මතුවු අතර, අදාළ සමූහ මිනිවළ මේ දක්වා උතුරු පළාතෙන් හමුවු විශාලතම සමූහ මිනිවළ ලෙසට දැක්වෙනවා.

    යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ ස්ථාන කිහිපයකින් සමූහ මිනිවළවල් වාර්තා වු අතර, අදාළ ස්ථානයන්හි කැනීම් කටයුතු පසුගිය සමයේ සිදුකරනු ලැබීය.

    මන්නාරම, තිරුකේදීශ්වරන් ප්‍රදේශයෙන් සමූහ මිනි වලක් 2013 වසරේ හමුවු අතර, අදාළ සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 88 කට ආසන්න ප්‍රමාණයක අස්ථි කොටස් ගොඩගැනුණා.

    ඉන් අනතුරුව මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල ආසන්නයෙන් සමූහ මිනිවළක් 2018 වසරේ මතුකරගත් අතර, ඒ තුළින් මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් ගොඩගැණුනා.

    2018 මාර්තු 26 වැනිදා සිට 2019 මාර්තු 07 දක්වා සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුණා.

    මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් ඇමරිකානු රසායනාගාර තුළින් කාබන් පරීක්ෂාවන් සිදුකළ අතර එහිදි අනාවරණය වූයේ අදාළ අස්ථි කොටස් වර්ෂ 1450 ත් 1650 ත් අතර කාලයකට අයත් ඒවා වන බවයි.

    මන්නාරම සමූහ මිනිවළ පරීක්ෂණයන්ගෙන් අනතුරුව මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රුදේශයෙන් සමූහ මිනිවළක් වාර්තා වු අතර 2023 ජුනි 29 වැනිදා සමූහ මිනිවළ සම්බන්ධයෙන් වාර්තා වු අතර, 2024 ජුලි 15 වැනිදා දක්වා කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් සිදුකරනු ලැබුවා.

    එහිදි මිනිස් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් මතු කරගත් අතර, අදාළ සමූහ මිනිවළ 1994 හා 1996 දක්වා කාලයකට අයත් විය හැකි බවට කැනීම් නිළධාරීන් නිගමනය කළා.

    කොක්කුතුඩුවායි සමූහ මිනිවළෙන් අනතුරුව සමූහ වශයෙන් අස්ථි කොටස් මතුවීම යාපනය, චෙම්මනෙයි ප්‍රදේශයෙන් වාර්තා වුණා.

    සමූහ මිනිවළ තුළින් හමුවු අස්ථි ගොඩගැනීම

    සමූහ මිනිවළ තුළින් මතුකරගත් අස්ථි ගොඩගැනීම හා සමූහ මිනිවළ තුළින් හමුවු භාණ්ඩ වෙන්කිරීම කැනීම් මඟින් සිදුකරනු ලබයි.

    එකිනෙක වෙන් කරන භාණ්ඩ හා අස්ථි කොටස් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සෙල්ලයියා පිරනවන් මහතාගේ අධීක්ෂණය යටතේ යාපනය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා හා මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ ගබඩා කිරීම හා ආරක්ෂා කිරීම සිදුකරනු ලබනවා.

    සමූහ මිනිවළ තුළින් හමුවු භාණ්ඩ මොනවාද?

    සමූහ මිනිවළ කැනීමේදී මේ දක්වා විවිධ භාණ්ඩ කිහිපයක් හමුවු බවත්, ඒ අතර රබර්වලින් සකස් කරන ලද බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළදින වළලු යුවළක්, කුඩා දරුවන්ට කිරි පානයට ලබාදෙන කිරි බෝතලයක්, මිනිස් ඇදුම් කොටස් කිහිපයක්, තුවක්කු බැරලයක කොටසක් වැනි කොටසක්, ඇදුම් කොටස් කිහිපයක් හා තවත් විවිධ ද්‍රව්‍ය කිහිපයක් වෙන් කරගෙන ඇති බව අතුරුදහන් වුවන් වෙනුවෙන් පෙනී සිටිමින් කැනීම් කටයුතු නිරීක්ෂණය කරන නීතිඥ රනිතා ඥානරාජා මහත්මිය පැවසුවා.

    සමූහ මිනිවළ තුළින් හමුවු භාණ්ඩ අතර කුඩා දරුවන් භාවිතා කරන පාසල් බැගයක්, බෝනික්කෙකු, වළලු වැනි ද්‍රව්‍ය මතුවීම හරහා කුඩා දරුවන්ද අදාළ සමූහ මිනිවළ තුළ මිහිදන් කොට ඇති බව නිරීක්ෂණය වන බවද ඥානරාජා මහත්මිය පවසනවා.

    පෙර පුව​තවනවාසී රාහුල හිමියන්ගෙන් ඇමැති ලාල්කාන්තට අභියෝගයක්
    ඊළඟ පුව​ත ප්‍රදේශ රැසකට අදත් වැසි

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group