චීනය සිය පළමු සිවිල් ගඟනගාමියා එළැඹෙන අඟහරුවාදා දිනයේ දී අභ්‍යවකාශ ගත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ කාර්ය මණ්ඩල මෙහෙයුමක කොටසක් ලෙසින් බවටයි වාර්තා වන්නේ. අදාළ ගඟනගාමියා Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට නියමිත බවයි CMS ඒජන්සිය පවසන්නේ.
තෙක් අභ්‍යවකාශයට යවන ලද සියලුම චීන ගඟනගාමීන් මහජන විමුක්ති හමුදාවේ කොටස්කරුවන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අණදෙන නිලධාරියා ලෙස ජිං හයිපෙන්ග් කටයුතු කරන අතර අතර තුන්වන කාර්ය මණ්ඩල සාමාජිකයා ෂු යැංෂු කටයුතු කරනු ලබනවා.
ඔවුන් අඟහරුවාදා පෙරවරු 9.31 ට වයඹ දිග චීනයේ ජි ක්වෑන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත වීමට නියමිත බව CMS ඒජන්සිය පවසනවා.
චීනය සඳ මත කඳවුරක් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින අතර එරට ජාතික අභ්‍යවකාශ පරිපාලනය පැවසුවේ 2029 වන විට කාර්ය මණ්ඩලයක් සහිත චන්ද්‍රිකා මෙහෙයුමක් දියත් කිරීමට අපේක්ෂා කරන බවයි.