ගාලු මුවදොර අරගලයේ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය පාලනය කිරීමට අපොහොසත් වීම පිළිබඳව දේශබන්දු තෙන්නකෝන් දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බවට වාර්තා කරනවා.
2022 වසරේ මැයි මස 9 වන දා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගෝස්තු මස 27 වැනිදා ඔහුව ඇප මත මුදා හරිනු ලැබුවා.
අරගල භූමියට එල්ලවූ ප්‍රහාරය වැලැක්වීමට නියෝග තමන්ට නොලැබුණු බව දේශබන්දු තෙන්නකොන්ගේ පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණා.