පසු අස්වනු නාස්තිය මෙන්ම ආහාර නාස්තිය ද අවම කර ගැනීමට කඩිනමින් පියවර ගත යුතු බව අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට පත්කර ඇති ආර්ථික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පිළිමතලාව ප්‍රදේශයේ පැවති අස්වැන්නට අරුණැල්ලක් වැඩසටහනට සහභාගීවෙමින්.
මිනිසුන්ට මෙන්ම සතුන් වෙනුවෙන් ද අතීතයේදී ආහාර නිෂ්පාදන කළ අතර එම ක්‍රමවේදය යළි ආරම්භ කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මගින් එකමිටට ගොවි බිමට වැඩසටහනට සමගාමීව දීපව්‍යාප්තව දියත් කරන අස්වැන්නට අරුනැල්ලක් ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙනවා.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් පස් අස්වනු හානිය අවම කිරීම මෙන්ම පසු අස්වනු තාක්ෂණය භාවිත කරමින් කෘෂි කර්මාන්තය ආශ්‍රිත නව ව්‍යවසායකයින් බිහිකිරීමේ අරමුණ ඇතිව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මෙම පුහුණු වැඩමුළුව ක්‍රියාත්මක කරනු ලබනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති හසංක විජයමුණි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.