ගෙවල් බිඳ දේපල සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ තඹුත්තේගම ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මුදල් හා රන් භාණ්ඩ සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
රාජාංගනය යාය 01 ප්‍රදේශයේ මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනා සොරාගත් රන් භාණ්ඩ උකස් කර ලබාගත් රිසිට්පත් දෙකක්, සොරා ගන්නා ලද මුදලින් මිලදී ගත් රූපවාහිනි යන්ත්‍රයක් හා ජංගම දුරකථනයක් සමග ඊයේ(19) දහවල් කාලයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 21, 33, 54 යන වයස්වල පසුවන රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.