මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවි සහ පතොරම් සමග සැකකරුවෙක් මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසි කියා සිටියේ මිනුවන්ගොඩ පොලිසියේ නිලදාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ රෝහල ආසන්නයේ පිහිටි නිවසක් පරීක්ෂාවට ලක් කර ඇති බවයි.
එහිදී ටී 56 ගිනි අවියක්, එම මැගසින් එකක් සහ පතොරම් 13ක් සොයාගෙන තිබෙනවා.
මීට අමතරව පිස්තෝල අවියක් සහ එම මැගසින් එකක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
එසේම 2.5mm පතොරම් 9ක් සහ 9mm පතොරම් 9ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
එසේම පිස්තෝල සහ රිවෝල්වර වර්ගයේ ගිනි අවි ආකෘති දෙකක් කඩු තුනක් සහ කිනිසි දෙකක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 45ක් පමණ වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
එසේම අත්අඩංගුවට ගැනුණු සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂකයෙකු ලෙස සේවය කරන බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.