මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සක්රීය වීමෙන් තුවාල ලැබූ දැරියක් දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මකුළුගස්වැව දේවහුය ප්රදේශයේ නිවසක් තුළ දී අදාළ ගිනි අවිය සක්රීය වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
සිද්දියෙන් තුවාල ලාබා ඇත්තේ දේවහුය ප්රදේශයේ පදිංචිකාරිනියක් වන වයස අවුරුදු 07ක දැරියක් .
අදාළ ගිනි අවිය නිවසේ පවිත්රතා කටයුතු සිදු කිරීමේදී බිම වැටී සක්රිය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.