ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනා ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රුපියල් 20,000ක්ව පැවති ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනාව රුපියල් 45,000 ක් දක්වා ඉහල දමා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ගර්භණී සමයේ මාස 6ක කාලයකුත්, කිරිදෙන සමයේ මාස 4කුත් ලෙස මාස 10 ක කාලයක් සඳහා ප්‍රතිලාභ හිමිවනු ඇති. මාසිකව රුපියල් 4500 බැගින් ගර්භණී මව්වරුන්ට එම පෝෂණ දීමනාව ලබාදීම සිදුකෙරෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කළා.
උණුසුම් පුවත්
- මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිද්දා සිට අනිවාර්යයි
- නාගරික මන්ත්‍රී අමල් සිල්වාට ඇප
- සීනි බදු වංචාවට නොදෙවෙනි ලූණු, අර්තාපල් බදු වංචාව
- විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයකට සැරසෙයි
- වැලිගමින් හමුවූ මත්ද්‍රව්‍ය ගැන බය හිතෙන අනාවරණයක්
- ජපාන සහ ශ්‍රී ලංකා නායකයින් අතර සාකච්ඡා – VIDEO –
- ලොකු බදු වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක් – VIDEO –
- ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කරයි !