ගාසා නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නා ලෙස ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එරට හමුදාව සදහා අනුමැතිය ලබා දී තිබෙනවා.
එත් සමග ගාසා නගරය ඉලක්ක කරමින් ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගාසා නගරය අත්පත් කරගැනීම තුලින් ගාසා තීරයේ සම්පූර්ණම බලය තමන් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කර ඇත්තේ.
කෙසේ වෙතත් එංගලන්තය ඇතුලු යුරෝපා රටවල් ඊශ්‍රායලයේ මෙම පියවර සම්පූර්ණයෙන්ම හෙළා දැක තිබෙනවා.
එංගලන්ත අගමැති කීර් ස්ටාර්මර් පවසා ඇත්තේ මෙම අත්පත් කර ගැනීම තුලින් ලේ වැගිරීම් පමණක්ම සිදු වනු ඇති බවයි.
මේ වන විටත් රටවල් රැසක් මෙම තීරණය සදහා විරේධය පළ කරමින් විරෝධතා අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.