ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට ළඟා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
මේ හේතුවෙන් ගුවනින් ආහාර හෙළීම තවදුරටත් සිදු කරන්නැයි ඔවුන් ඉල්ලා තිබෙනවා.
සටන් විරාමය ආරම්භ කිරීමෙන් පසු ජෝර්දානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගාසා තීරයට ගුවනින් ආධාර ටොන් 25 ක් හෙළූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ගොඩබිම් ආධාර ලබාදීමේ අවශ්‍යතාව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
ගාසා තීරයේ සමහර ප්‍රදේශවල දිනකට පැය 10 ක් හමුදා මෙහෙයුම් නවතා ආධාර බෙදාහැරීම සඳහා එක්සත් ජාතීන්ගේ රථ පෙළට ඉඩ දෙන බව ඊශ්‍රායලය පවසා තිබුණා.
එහෙත් එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ.