ඊශ්‍රායලය ගාසා වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීම විශේෂත්වයක් වන්නේ, ගාසා හි සටන්විරාමයක් ඇතිකර ගතයුතු බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති පසුබිමකයි.
ඉරානය සමඟ පැවති දින 12ක යුද්ධය අවසන් වී ඇති පසුබිමක ඊශ්‍රායලයේ අවධානය නැවතත් ගාසා තීරය වෙත එල්ල වී තිබෙන අතර ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් 60කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
ඒ අනුව ගාසා තීරයේ උතුරු කලාපය ඇතුළු ස්ථාන රැසක් ඉලක්ක කරගත් ප්‍රහාරවලින් ඊයේ පමණක් මෙලෙස පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඊශ්‍රායල ප්‍රහාරවලින් බටහිර ගාසා හි පිහිටි වෙරළ අවන්හලක් ඉලක්ක වී ඇති අතර, එහිදී පුද්ගලයින් 20කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා.