යුකැලිප්ටිස් ගසක අත්තක් කඩා වැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව නුවරඑළිය හයිෆොරස්ට් පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හඟුරන්කෙත පොලිසියේ සේවය කරමින් සිටියදී තාවකාලිකව වැඩ තහනමකට ලක්වී සිටි පොලිස් සැරයන් ප්‍රදීප් කුමාර වික්‍රමසිංහ නමැති 55 හැවිරිදි රිකිල්ලගස්කඩ ගැටගුලාව ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
පොලිසියේ වැඩතහනමට ලක්වීමෙන් පසුව සිය සහෝදරයන් සමග නීති්‍යානුකූලව යුකැලිප්ටිස් ගස් කැපිමේ කටයුත්තක නියැලී සිටියදී කැපූ විශාල යුකැලිප්ටිස් ගසක් තවත් ගසක රැඳී තිබූ බවත් කැපූ ගස බිමට නොවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට සැරයන්වරයා යන අවස්ථාවේ කැපූ ගස රැඳී තිබූ තවත් යුකැලිප්ටිස් ගසක අත්තක් සැරයන්වරයාගේ හිත මතට කඩා වැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ සැරයන්වරයා රිකිල්ලගස්කඩ මූලික රෝහල වෙත ඇතුළත් කරන විට මියගොස් ඇති බවයි හයිෆොරස්ට් පොලිසියේ නිලධාරියෙකු කියා සිටියා.
මියගිය සැරයන්වරයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රිකිල්ලගස්කඩ මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හයිෆොරෙස්ට් පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.













