යුකැලිප්ටස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් අද උදෑසන 10ට පමණ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ, මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ මොටින්හැම් කොටසට අයත් 44 හැවිරිදි රාසමනික්කම් සෙල්වකුමාර් නම් තිදරු පියෙක්.
ජීවිතක්ෂයට පත් පුද්ගලයා පවතින අධික සුළඟ සහ වර්ෂාවත් සමග තේ වත්තේ දර ඇහිලීමට ගිය බවත්, එම අවස්ථාවේ පැවති සුළං තත්ත්වය සමග ඔහුගේ හිස මතට ගසක අත්තක් කඩා වැටීමෙන් ඔහු මියගොස් තිබෙනවා.
මිය ගිය අයගේ සිරුර මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර, සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි මස්කෙළිය පොලිසිය සඳහන් කළේ.