කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය යළි දීර්ඝ කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන ගංවතුර අනතුරු ඇගවීම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කළ බවයි.
එමෙන්ම ගිං ගඟ ද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීම ද දීර්ඝ කර තිබෙනවා.
මේ හේතුවෙන් එම ගංගා දෙපස පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.