ගංජා පානය කර බස් රථයක් ධාවනය කරවූ බස් රථ රියදුරෙකු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස් රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බේරුවල පොලිසිය විසින් අද(04) බේරුවල නගරයේදී ක්‍රියාත්මක කර තිබෙනවා.
එහිදී කළුතර අලුත්ගම අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරෙකු සම්බන්ධයෙන් පොලිසියට සැකයක් හටගෙන තිබෙනවා.
පසුව එම රියදුරා පොලිස් භාරයට ගෙන පරීක්ෂාවට ලක්කොට වෛද්‍ය පරීක්ෂාව සඳහා කළුතර ශීක්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ රියදුරුවරයා ඒ වන විට ගංජා පානය කර සිටි ඇති බවයි.
එම වෛද්‍ය වාරතාව අනුව අදාළ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 41ක් පමණ වූ රියදුරක් බවයි පොලිසිය පවසන්නේ.
වෛද්‍ය වාර්තා අනුව වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ අදාළ රියදුරු මහතා කලක් තිස්සේ ගංජා පානයට ඇබ්බැහි වී ඇති බවයි.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.