රුපියල් කෝටි 40 ක පමණ වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අළුයම අත්අඩංගුවට ගැනුණා.’හරිත මාවතේ’ ගමන් කිරිමේ දී ඔහු එලෙස අත්අඩංගුවට පත්වඇති බවයි වාර්තා වන්නේ.
කැනඩියානු ජාතිකයෙකු වන 52 හැවිරිදි ඔහු එරට ඔන්ටාරියෝ හි පදිංච්කරුවෙකු බවද සඳහන්.
අදාළ සැකකරු මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව දෝහා සිට කටුනායක ජාත්‍යනතර ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඔහු විසින් රැගෙන ආ ගමන්මල්ල තුළ හෂීෂ් කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 196 ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 298 ක් තිබී සොයා ගෙන තිබෙනවා.