කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන සමාගම්වලින් නිසි සේවාවක් නොලැබෙන බවත් සේවාව අන්ත දූෂිත බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා කරනවා.
අදාළ පිරිසිදු කිරීම් සේවාවන් සිදු කරන සමාගම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය මාස්පතා රුපියල් කෝටි අටක් වැය කරන බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
නමුත් එම සමාගම්වලින් බලාපොරොත්තු වන සේවය නොලැබෙන අතර තවත් ගැටලු රාශියක් මතුව ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කරනවා.
එම සමාගම් විසින් ඒවායේ සේවය සඳහා සුදුසු සේවකයන් ප්‍රමාණවත් පරිදි යොදවා නොමැති අතර සමාගමේ ලාභ වැඩි කර ගැනීම සඳහා වයෝවෘද්ධ සේවක සේවිකාවන් අඩු මුදලට සේවයට බඳවා ගන්නා බවටද වෛද්‍යවරයා චෝදනා කරනවා.
එම පිරිසිදු කිරීම්හි නිරත සේවක සේවිකාවන් අවස්ථා ගණනාවකදී සොරකම් වලට ද අසුවී ඇති අතර, සමහර සේවකයන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වී ඇති බව අනාවරණ වී ඇති බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වා දෙන්නේ.