කළුබෝවිල පන්සල පාරේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද(15) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
වෙඩික්කරුවන් විසින් නිවසට සහ ගේට්ටුවට වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් සම්බන්ධයෙන් වාර්තා නොවන බවයි පොලිසිය කියා සිටියේ.
කිසියම් මූල්‍ය ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලින් පෙනී යන බවයි පොලිසිය කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොහුවල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.