ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් නිවේදනය කර තිබෙනවා.
ඔහුගේ සමාජ මාධ්‍යයේ සදහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරඟ පහකින් යුත් පන්දුවාර 20 තරගාවලියේ ආරම්භක තරඟ දෙක ඔහුගේ අවසන් තරඟ වනු ඇති බවයි.
එම තරගාවලියට අදාළව නම් කර ඇති සංචිතයට 37 හැවිරිදි ඇන්ඩ්‍රේ රසල් සංචිතයට ඇතුළත් කර ඇති අතර, ජැමෙයිකාවේ සබීනා පාර්ක් හි ඔහුගේ මව් ක්‍රීඩාංගණයේදී ඔහුගේ සමුගැනීමේ තරග දෙක පැවැත්වැත් වෙන බවයි ක්‍රීඩා මධ්‍ය වාර්තා කරන්නේ.
2010 වසරේදී T20 ජාත්‍යන්තර ක්‍රීඩාවට පිවිසුණු ඇන්ඩ්‍රේ රසල්, කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තරඟ 74ක් සඳහා ක්‍රිඩාකර ඇති අතර, ඔහු එහිදී ලකුණු 884ක් රැස් කර කඩුලු 46ක් ද දවා ගැනීමට සමත්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
- ජයේ වැඩපිළිවෙළ සියලු ආගමික නායකයන්ගේ ප්‍රසාදයට
- දිස්ත්‍රික්ක 5 කට නාය යෑම් අනතුරු ඇඟවීම්
- ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
- විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 610ක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ
- ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට













