රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිට කර ගැනීමට උත්සහ කල ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්.
අද පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීමට සිදු වූ බවයි අප වාර්තාකරු සදහන් කලේ.
ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර සපත්තු වෙළෙඳසැළක අලෙවි සේවකයෙකු ලෙස කටයුතු කරන 43 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක් .
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ පැකැට් 19 ක් ලෙස සකස් කළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.
මෙම වැටලීම පසුගියදා කටුනායක ගුවන් තොටුපොළ රේගු පැමිණීමේ පර්යන්තයේ ” හරිත මාවත ” තුළ ස්ථාපිත කළ ස්කෑන් යන්ත්‍රය උපයෝගී කර ගනිමින් රේගු නිලධාරීවරුන් සිදු කළ පළමු අත් අඩංගුවට ගැනීම වීමද විශේෂත්වයක්.
ජර්මනියෙන් ආනයනය කරන ලද මෙම යන්ත්‍රවල, පරිලෝකන ක්‍රියාවලිය 2D තාක්ෂණයෙන් සිදුවන බැවින් වඩාත් විධිමත්ව නීති විරෝධී ද්‍රව්‍ය හඳුනාගැනීමට හැකියාවක් පවතින බවයි කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සදහන් කලේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සහ ඉන්දීය ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දී තිබෙනවා.













