කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා කළුතර – එතනමඩල ප්‍රදේශයේදී පාතාල නායක සමයං ඇතුළු පිරිස ඝාතනය කිරිමේ සිද්ධියේ අටවන විත්තිකරු බවට අනාවරණය වී තිබෙනවා.
මීට අමතරව උඩවලව ප්‍රදේශයේදී පුද්ගලයන් හතර දෙනෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ඊයේ රාත්‍රි 8ට පමණ කොට්ටාව – මාලපල්ල – පංසල පාර ප්‍රදේශයේදී යතුරු පැදියකින් යමින් සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය මෙම පුද්ගලයාල ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්.