ඉන්දියාවට ඔබ්බෙන් වූ කේරළ මුහුදු තීරයේදී පසුගියදා අනතුරට ලක්වූ නෞකාවේ අන්තරායකර බහාලුම් 13 ක් තිබී ඇති බව පරිසර අමාත්‍යශය පවසනවා.
එහි අතිරේක ලේකම් අර්. එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට මෙරට වෙරළ තීරයන්ට ද ගොඩගසා ඇති බවයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ද්‍රව්‍යයන් මෙරට වෙරළ තීරයට ගොඩගැසීම තවදුරටත් ඉහළ යා හැකි බවද පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සදහන් කළා.
එම මාධ්‍ය හමුවට එක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පැවසුවේ වෙරළට ගොඩගසන ද්‍රව්‍යයන් ඉවත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවයි.