සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා මලයාසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහුව අත්අඩංගුවට ගැනීම සදහා අවශ්‍ය තොරතුරු ලබාදී ඇත්තේ මෙරට සිටින පාතාල කල්ලි සාමාජිකයින් විසින්ම බවටයි වාර්තා වන්නේ
සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මොහුට රතු වරෙන්තුද නිකුත් කර තිබෙනවා.
කෙසේවෙතත් තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත නැමැත්තා ඇතුලු තවත් අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා වෙනත් නමකින් එරටදී පෙනී සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසිය මගින් ජාත්‍යන්තර පොලිසිය වෙත ලබාදී තිබුණා.
මොහු මලයාසියාවේදී පෙනී සිට ඇත්තේ ආදිත්‍ය අභිමන් යන නමින් වන අතර එම නම භාවිතා කරමින් ඔහු විදෙස් ගමන් බලපත්‍රයක් ද සකස් කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිය වන හරක් කටාගේ බිරියව හා දරුවාද එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවද වාර්තා වුනා.
ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව කෙහෙල්බද්දර පද්මේ ඩුබායි රාජ්‍යයේ සිට මැලේසියාවට පලාවිත් තිබුණා.
ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් එරට සිට තායිලන්තය බලායෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පිළිබඳව මෙරට බුද්ධි අංශද අනාවරණය කරගෙන ඇති බවයි පොලිස් ආරංචිමාර්ග පැවසුවේ.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි ඒ අතර සිටින්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.
පොලිසිය සදහන් කලේ මේවන විටත් අදාළ පිරිස සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියෙන් නිල වශයෙන් කරුණු විමසා ඇති අතර කඩිනමින් ඔවුන් දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කරන බවයි.