දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයින් බව කියන පුද්ගලයන් තිදෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්තල, පල්ලයිවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රටම එකට ජාතික මෙහෙයුම යටතේයි.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 165ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ විථි වටිනාකම රුපියල් කෝටි තුනක හමාරක් පමණ බවටයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට අද(31) ඉදිරිපත් කිරීමට නියමිතයි.













