හක්කපටස් ආහාරයට ගෙන තුවාල ලැබූ වල් අලි පැටවෙකු ඇලයාපත්තුව, දලුක්පිටිය ප්‍රදේශයේ වෙල් යායක වැටී සිටියදී අද(02) උදෑසන සොයාගත් බව අනුරාධපුර වනජීවි නිලධාරි කාර්යාලය පවසනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ අඩි 05ක් පමණ උසැති වයස අවුරුදු 08ක් පමණවන අලි පැටවෙකි.
එදින උදෑසන දලුක්පිටිය ගම්මානයේ පිරිස් විසින් අනුරාධපුර වන ජීවී නිලධාරීන්හට සිදුකළ දැනුවත් කිරීමකට අනුව මෙම වල් අලි පැටවා වනජීවි නිලධාරින්ට හමුවී තිබෙනවා.
අනතුරුව වල් අලි පැටවා පරික්ෂා කළ වනජීවි නිලධාරින් මෙම අලි පැටවා හක්කපටස් ආහාරයට ගෙන ඇති බවත් එයින් මුඛය තුළ සිදුවූ දරුණු තුවාල හේතුවෙන් මෙලෙස රෝගී තත්වයෙන් පෙළෙන බවත් සඳහන් කළා.
අලි පැටවාගේ තත්ත්වය ඉතා අසාධ්‍ය බවත්, වන අලියාට ප්‍රතිකාර කිරීම සඳහා අනුරාධපුර වනජීවී පසු වෛද්‍ය කණ්ඩායමට දැනුවත් කළ බවත් වනජීවී නිලධාරීන් එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
ගතවූ මාස කිහිපය තුළ වල් අලි ගම්වැදීම්, දේපල හානි, මිනිස් ජීවිත අහිමි වීම් සහ වල් අලින් අහිමි වීම් බහුලව අනුරාධපුර දිස්ත්‍රිකයෙන් අපට වාර්තා වූවා. මෙය අලි මිනිස් ගැටුමේ දරුණුම කාලසීමාව බවද ගම්වාසීන් පවසනවා.













