කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක් වූ තවත් ගෘහ සේවකයින් සහ ගෘහ සේවිකාවන් 47 දෙනෙකු දිවයිනට පැමිණියා.
ගෘහ සේවිකාවන් 42 දෙදෙනෙකු සහ සේවකයින් පස් දෙනෙකු මෙම පිරිසට ඇතුළත්. ඔවුන් අතුරින් වැඩි දෙනෙකු අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.
මෙවැනි ශ්‍රී ලාංකික කාන්තාවන් 1300 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේටයේ රැදී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පවසා තිබෙනවා.
මෙරටට පැමිණි බොහෝ ගෘහ සේවිකාවන් සිය හාම් පුතුන්ගේ විවිධ හිරිහහැරවලට ලක් වූ කාන්තාවන් බවයි වාර්තා වන්නේ.











