කුලී රථ ගමන්සේවා නියාමනය කිරීමේ පළමු අදියර යටතේ දත්ත රැස් කිරීමේ කටයුතු අද ආරම්භ වනවා.
ඒ අනුව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ, පාසල්, කාර්යාල, විශේෂ චාරිකා සහ කුලී රථ හිමිකරුවන්ගේ සහ ධාවකයින්ගේ තොරතුරු මේ අනුව රැස්කිරීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සදහන් කලේ
මෑතකදී සම්මත වූ 2025 අංක 08 දරණ ගමනාගමන කොමිෂන් සභා සංශෝධිත පනත යටතේ මෙම කටයුතු සිදු කෙරෙනවා.













