ලොවම කම්පා කරමින් රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් ගණන 153 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
රුසියාවේ මොස්කව් අගනුවර ආසන්නයේ ක්‍රස්නෝගෝර්ස්ක් හි පිහිටි ක්‍රොකස් සාප්පු සංකීර්ණය මොස්කව්හි පිහිටි විශාලතම සාප්පු සංකීර්ණ අතරින් එකක් .
මොස්කව් වැසියන් සහ විදෙස් සංචාරකයින් දෛනිකව විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙනවා.
මෙම සාප්පු සංකීර්ණයේ ආසන 6,200කින් සමන්විත මෙම රඟහලේ රොක් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබූ අතර ඒ වෙනුවෙන් සියළු ප්‍රවේශපත් අලෙවි වී තිබූ බවත් සඳහන්.
කෙසේ වෙතත් රාත්‍රි 08ට පමණ එම ප්‍රසංගය ඇරඹීමට ටික වේලාවකට පෙර එම රඟහලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.