වසර 144 කට පසු ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා පූජාවේදී ඇති වූ අධික තෙරපුම හේතුවෙන් විශාල බැතිමතුන් පිරිසක් මියගොස් තිබෙනවා.
එමෙන්ම මෙහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
මෙම පූජාව සඳහා අද අළුයම වනවිට කෝටි 10ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිටියා.
වසර 12කට වරක් කුම්භමේලා පූජාව පැවැත්වෙන අතර ගංගා, යමුනා සහ හින්දු පුරාවෘත්තවල එන සරස්වතී නමැති ගංගා ත්රිත්වය එකිනෙක හමුවන ස්ථානයේ ස්නානය කරමින් පව් කමාකර ගත හැකි බවත්, ආත්මය පවිත්රතාවය ඇති වෙන බවත් හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.
වසර 144කට වරක් පැවැත්වෙන මහා කුම්භමේලා පූජාව සඳහා ලොව නන්දෙසින් පිරිස් පැමිණෙනවා.