අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කලේ කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය කර ඇති බවයි.
එසේම ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.