වැල්ලවාය සහ අලිකොට ආර ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොට ආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් අලිකොට ආර ජලාශයේ වාන් දොරටු තුනක් අඟල් අට බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ජලය කිරිදි ඔයට මුදා හැරෙන බැවින් කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ජල මට්ටම ඉහළ යාමත් සමග කිරිඳිඔය දෙපස ජනතාව සහ කිරිඳිඔය භාවිතයට ගන්නා ජනතාව අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.
උණුසුම් පුවත්
- අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
- සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි













