කැබිතිගොල්ලෑව – පදවිය ප්‍රධාන මාර්ගයේ, මහනැටියාව ප්‍රදේශයේ පිහිටි කිලෝමීටර් 07 කණුව ඉදිරිපිටදි ඊයේ(17) සවස කාර් රථයක් සහ කැබි ගැටී සිදුවූ මාරක රිය අනතුරින් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කාර් රථයේ රියදුරුවරයා ලෙස කටයුතු කළ මැදවච්චිය, ඇටවීරගොල්ලෑව, ඇතාකඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ගුරුවරයෙක් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පදවිය දෙස සිට කැබිතිගොල්ලෑව දෙසට ධාවනය වු අංක කැබ් රථයක් හා කැබිතිගොල්ලෑව දෙස සිට පදවිය දෙසට ධාවනය වු කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරත් සමගින් කාර් රථය සහ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල ඇති වෙල් යායකට පෙරලී තිබෙනවා.
වර්ෂාවත් සමග මාර්ගයේ ලිස්සන සුළු බාවයත්, අධික වේගයෙන් රිය ධාවනය හේතුවෙන් වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව මූලික පරික්ෂණ වලින් හෙලිව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් කාර් රථයේ රියදුරුවරයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව රෝහල වෙත ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහල වෙත යැවීමට රෝහල් බලධාරින් කටයුතු කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.