අසිරිමත් සම්බුදු තෙමඟුල සමරමින් කැනඩාවේ ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයෙහි සුවිශේෂ ආගමික කටයුතු රාශියක් මෙවර සංවිධානකර තිබුණා.
කැනඩාවේ ඔටාවාහි පලමු වරටයි මෙය සංවිධාන වුණේ.
පරිවාරා කූඩු 80 න් සමන්විත මහා පහන් කූඩුව වැඩි අවධානයක් දිනාගත් අතර වෙසක් තොරණ වෙසක් දන්සල සහ වෙසක් බැති ගී වලින් උත්සවය වර්ණවත් වී තිබුණා.
කැනඩාවේ ප්රධන සංඝානායක බ්රාහ්මණගම මුදිත නාහිමි හා විහාරාධිකාරි නුගේගලයායේ ජිනානන්ද හිමිගේ අනුශාසනා මතයි මෙම වෙසක් සැමරුම සංවිධාන කර තිබුණේ.
ඔටාවාහි නගරාධිපතිතුමා හා කැනඩාවේ ශ්රි ලංකා මහකොමසාරිස්තුමා ඇතුලු බොහෝ පිරිසක් මේසදහා සහාභාගිවුණා.