විස්සයි විස්ස ලෝක කුසාල ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(16) දිනයේදී පැවැත්වෙනවා.
ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතරත් එංගලන්තය සහ ඉතාලි කණ්ඩායම අතරත් තරග මෙන්ම ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරග තුනයි.
මෙහිදී එක්සත් අරාබි එමිර් කන්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට ආරම්භ වී ඇති අතර තරගය පැවැත්වෙන්නේ දිල්ලිහිදීයි.
එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානු ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් පන්දු රැකීමට තීරණය කළා.
මේ අතර පස්වරු 3ට පමණ එංගලන්ත කණ්ඩායම සහ ඉතාලි කණ්ඩාම අතර තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදීයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම අතර තරගය පස්වරු 7 පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.














