තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා .
ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් විය යුතු බවයි අදාළ නිවේදනය මඟින් දැනුම් දී ඇත්තේ.
අද උදෑසන 10ට නිකුත් කල එම නිවේදනය ඉදිරි පැය 24 සඳහාද බලපැවැත්වෙනවා.
ඒ අනුව කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවට මේ පිළිබඳ අවධානය යොමු කල යුතු බවයි අදාළ නිවේදනය මඟින් දැනුම් දී ඇත්තේ.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද පෙරවරු 05.30 ට පමණ අඩු පීඩන කලාපයක් වර්ධනය වී තිබුණා.
එම පද්ධතිය ඉදිරි පැය 24 තුළ, තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන්ත කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ .
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු, අක්ෂාංශ 05 ත් 18 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
මේ වනවිට එම ප්‍රදේශවල ධීවර කටයුතු සිදුකරමින් සිටී නම් ඔක්තෝබර් 25 වන දිනට පෙර එම මුහුදු ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් උපදෙස් ලබාදී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ .













