කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.
ගින්න පාලනය සදහා කළුතර මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදා ගෙන තිබුණා.
ගින්න පාලනය සදහා එක්ව සිටි ගිනි නිවන භටයෙකු ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.