වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පසුගිය ජුනි මස 30 වන දින කහවත්ත, යායින්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
රත්නපුර, පැල්වාඩිය ප්‍රදේශයේදී සැකකරු ඊයේ(25) දහවල් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක් පමණ වන රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.