කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද ආරම්භ වුණා.
ඒ අනුව එහි සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පවත්වනු ලැබුවා.
දිවයින පුරා මෙම ජංගම සේවා සතිය අද සිට ක්‍රියාත්මක වන බවයි කම්කරු අමාත්‍යංශය සදහන් කළේ.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ ගැටලු විසඳීම, රැකියා පොළ හරහා රැකියා අවස්ථා ලබා දීම, නීති උපදෙස් සහ මග පෙන්වීම ඇතුළු කම්කරු අමාත්‍යාංශයට අයත් බොහෝ සේවාවන් මෙම සතිය තුළ ලබා ගත හැකි බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.